Horoscope

මේෂ ලග්නය හිමි ඔබට අද (2019-06-07), අද දිනය තුල තරමක් කලබලකාරී ගති ලක්ෂණ ඇති කරවන්නට හැකියාව පවතිනවා. ලැබීම් සඳහා යහපත් වුවත් විඳීමට එතරම් පිනක් නොමැති වන ආකාරයක් දක්නට ලැඛෙනවා. උදෑසන සිටම ඔබට සැලකිලිමත්ව කටයුතු කල යුතු ආකාරයක් දක්නට ලැඛෙනවා. දණහිස් ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩකඩක් පවතිනවා.
වෘෂභ ලග්නය හිමි ඔබට අද (2019-06-07), ඔබ අද දවසේ කරන වැඩ කටයුතු වලට යම් යම් බාධා ඇති වන්නට ඉඩ තිඛෙනවා. සතුරු කුමන්ත්රණ වලට හසුවන්නට ද ඉඩකඩ තිඛෙන බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. පසමිතුරන්ගේන් ප්‍රවේසම් විය යුතු දවසක්. ඒ වගේම වචනය ප්‍රවේසම් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම ඔබ කරන කටයුතු පිළිබද වෙනදාට වැඩ සැලකිලිමත් වෙන්න. පාද ආශ්‍රිතව යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. හැකියාවක් තිඛෙනවා නම් දවස ආරම්භයට පෙර විෂ්ණු දෙවියන්ට පුජාවක් පවත්වන්න. ඔබට අද දවස සාර්ථක කර ගන්නට හැකියාව පවතිනවා.
මිථුන ලග්නය හිමි ඔබට අද (2019-06-07), අද දවසේ බොහෝ විට ඔබගේ කටයුතු වලට පීඩා කරදර ඇති වෙන්න පුළුවන්. උසස් අයගේ උදව් උපකාර වගේම එවන් අයගේ ඇසුර නිසා ඔබගේ අනාගත කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි. ආහාර විෂවීම් වගේම ලේ ආශ්‍රිත රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්. උදෑසනම නුග වෘක්ෂයකට ජලය ස්වල්පයක් දමා දවස අරඹන්න ඔබට දවස සුබ වේවි.
කටක ලග්නය හිමි ඔබට අද (2019-06-07), ඔබ සැම විටම නිවැරදී කියා සිත කටයුතු කිරීම නිසා හිතවතුන් ඈත් වෙන්නටත් ඉඩ තිඛෙනවා. ආහාර දිරවීමේ අපහසුතා සහ නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා රෝගාබාධ සැදෙන්න පුළුවන්. අනතුරු විපත් ඇති වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 6.22 ට අරඹන්න ඔබේ දවස සුබ වේවි.
සිංහ ලග්නය හිමි ඔබට අද (2019-06-07), හවුල් ව්‍යාපාර වලට ඉතාම සුබ දායක දවසක්. හදිස්සියේ කරන වැඩ කටයුතු නිසා පාඩු සිද්ද වෙන්න පුළුවන්. කෙසේ වෙත්ත වෘත්තීමය ජයග්‍රහණ ලබන්නටත් ඔබට හැකියාව පවතිනවා. පෙර පින් මතුවන දවසක් ලෙසත් ඔබේ අද දවස හඳුන්වන්න පුළුවන්. අද දවස පටන් ගන්නට පෙර මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කර වරක් හෝ ශ්‍රවනය කර දවස අරඹන්න ඔබේ දවස සුබ වේවි.
කන්‍යා ලග්නය හිමි ඔබට අද (2019-06-07), අද දවසේ ඔබගේ ආර්ථික මට්ටම යහපත් වේවි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඒ දේවල් සාර්ථක කර ගන්නට හැකි වන දවසක් වේවි. දුර බැහැර ගමන් යෙදෙන නිසා තරමක් කාර්යබහුල දවසක් වෙන්නට පුළුවන්. ඔබට හැකි නම් නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.
තුලා ලග්නය හිමි ඔබට අද (2019-06-07), අද දිනයේදී ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුයි. එමෙන්ම ඔබ අද දිනයේදී කාර්යබහුල වන ආකාරයක්ද පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව වැඩි වශයෙන් කල්පනාකාරී වුවහොත් ඔබට පුළුවන් අද දිනයේදී ඉතාමත්ම යහපත් ලෙස කාලය ගත කරන්නට. සැලසුම්සහගත වන්න.
වෘශ්චික ලග්නය හිමි ඔබට අද (2019-06-07), රැකිරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් මූල්‍ය පාඩු සිදුවිය හැකිය. ගේ දොර ආශ‍්‍රිත සමගියට සහජීවනයට බාධා ඇති වේ. ඉවසීම ප‍්‍රගුණ කල යුතුවේ. රාජ්‍ය අංශයට සම්භන්ධ කටයුතු වලට බාධා ඇතිවේ. ආහාර දිරවීමේ දුර්වලතා වලට ලක්වීමට ඉඩ ඇති බැවින් නිසි වෙලාවට ආහාර ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.
ධනු ලග්නය හිමි ඔබට අද (2019-06-07), ඔබ අද දවසේ යම්කිසි බරෑරුම් තීරණයක් ගන්නට සිටියා නම් ඒවා කල් දැමීම සුබ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඔබගේ ජීවිතයට වැදගත් වන්නාවූ තීන්දු තීරණ ගැනීමෙන්ද වැළකී සිටීම වැදගත්. ඔබ කරන වැඩ කටයුතු පිලිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වීමත් වඩාත් වැදගත්. අනතුරුදායක රැකියා වල නිරත අයත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම වාහන පදවන අයත් ප්‍රවේසම් වීම වැදගත්. ඔබට හැකි නම් විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත් වන්නට ඔබට ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.
මකර ලග්නය හිමි ඔබට අද (2019-06-07), විශේෂයෙන්ම විනොදචාරිකා දුරබැහැර ගමන් ආදියටත් ඉඩකඩ තිඛෙනවා. මේ නිසා සෑම කටයුත්තකින්ම ඔබේ සිතේ සතුට වර්ධනය වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සුබ වෙලාව ඔබේ සුබ වෙලාව 7.33.
කුම්භ ලග්නය හිමි ඔබට අද (2019-06-07), අද දවස ඔබේ සිතේ සතුට වර්ධනය වන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පොතපත කියවීමට මෙන්ම අධ්‍යාපන කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන දවසක්. යුග ජීවිතය ආශ්‍රිතව ගත් කල අනපේක්ෂිත කරදර භාදක ඇති වන්නට හැකියාව පවතිනවා. ලේ දුෂ්‍යවීම් ලේ ආශ්‍රිත රෝගපීඩා ආදියට ඉඩකඩ තිඛෙනවා. මේ පිළිබඳව සිතා බලා දවසේ කටයුතු අරම්බ්ග කරන්න. හැකියාවක් තිබේනම් උදෑසන 7.48 ට උතුරු දිශාවබලා ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න ඔබට එම කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට හැකි වෙවී.
මීන ලග්නය හිමි ඔබට අද (2019-06-07), ගේ දොර යානවාහන පිළිබඳව යම් යම් අර්බුධකාරි තත්වයන් ඇති වන්නට පුළුවන්. ඔබ සිතනවාට වඩා ඔබට අද දිනයේදී බාධාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාව පවතින බැවින් සැලකිලිමත් වන්න. යුතුකම් වගකීම් ඉතාමත්ම ඉහල මට්ටමක පවතින බැවින් අද දිනය ඔබ ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුයි.