Welcome to LankaHead

Latest Videos

2019-04-23
2019-04-23
2019-04-23
2019-04-23
2019-04-22
2019-04-22
2019-04-22

ගමක් හඬවමින් අද අලුයම මහියංගනයේදී ජීවිත 10ක් බිළිගත් මාරක අනතුර

මහියංගණය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් 3 දෙනෙකු ඇතුලු දස දෙනෙකු මියගොස් තිබෙනවා.

 

අද අලුයම 1'15ට පමණ මහියංගණය ජාතික පාසල අසලදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

මහියංගණය සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිකුණාමලය සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

 

මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දස දෙනෙක්.

 

ලෝ වැසියන් කම්පාවට පත් කරමින් ගිනිගත් ප්‍රංශයේ හදවත ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර අළු ගොඩක් බවට පත් වී ඇති හද කම්පා කරවන දසුන් පෙළ

ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ල මහා ගින්නකින් විනාශයට පත් වුණා. පෙරේදා සවස් භාගයේ ඇති වූ එම තත්ත්වය ලෝකයේම කතාබහට ලක් වුනු සිදුවීමක් බවට පත් වුනා වගේම තවමත් ඒ ගැන කතා කරන කනස්සල්ලට පත් වෙන පිරිස සිටිනවා. ගොඩනැගිල්ලේ ඵෙතිහාසික සිතුවම් හා ප්‍රධාන ගොඩනැගිල්ල බේරා ගැනීම සඳහා ගිනි නිවන භටයින් 500 කට අධික පිරිසක් දැඩි පරිශ්‍රමයක නිරත වුනා.

 

"අපේ අම්මයි, රන්ජන් මාමයි තාත්තව මරලා පිච්චුවා.." - අනියම් සැමියා සමඟ එක්වී මව විසින් පියා ඝාතනය කළ හැටි වසර දෙකකට පසු 16 හැවිරිදි පුතා හෙළි කරයි

"අම්මා අඬන්න එපා.. පොලිසි යන්න ලෑස්ති වෙන්න.. මාමව මරලා අම්මේ.."

"පුතේ සමන්.. මාව බේරගන්න..." කියලා තාත්තා කෑගැහුවා

 

"පුතේ සමන්.. මාව බේරගන්න..." කියලා තාත්තා කෑගැහුවා

"අම්මේ කෝ තාත්තා...?"

 

වෙනදට දහ දොළොස් වතාවක් කතා කිරීමෙන් අනතුරුව නින්දෙන් පිබිදෙන සමන් පුතා එදින උදේ පාන්දරින්ම අවදි වී සිටියා. ඔහු... ශාන්ති සහ පොඩියන්ගේ වැඩිමහල් පුත්‍රයායි. ඔහු.. සිය නිදිබර දෑස්වලින් අවට පිරික්සමින් මේ පැනය ඇසුවේ යමක් සඟවාගෙන බව මවට වැටහුණේ නැහැ.

 

"කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගයෙන් පිඩාවින්ද නිසා රංගන හීනය සුනුවිසුනු වුණා, මානසිකව වැටුණා.." - රිතික් රොෂාන්

"තාත්තා අධ්‍යක්ෂක වෙද්දී මම ටි බෝයි කෙනෙක් වුණා.."

 

"මුලින්ම ලැබුණේ රුපියල් 100යි.."

 

අපට නිතරම ලැබෙන අවවාදයක් තමයි “පොඩියට පටන් අරන් හෙමිහිට ගමනක් යන්න, එතකොට පැවැත්ම වැඩියි” කියලා. අවුරුදු ගණනාවක් කැමරාවෙන් පිටුපස හිඳිමින් ක්ෂේත්‍රයේ දිග පළල හඳුනාගෙන, ජීවන අභියෝග ජයගෙන බොලිවුඩය ආක්‍රමණය කළ ඔහු රිතික් රෝෂන්.

 

"විවාහ වුනා කියලා මම නම් ඒවා වෙනස් කරන්නේ නැහැ, මම නම් ආසාවට ඒවා බැන්දේ" - ෂෙහානි කහදවල

"කාන්තාවන්ට සීමාවක් නැහැ, තමන්ගේ කැමැත්ත තමයි.."

 

"ඒකට නම් කිසිම උනන්දුවක් නැහැ.."

 

ෂෙහානි කහදවල කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන තරුවක්. පුංචි තිරයෙන් නිතරම දකින්න ලැබෙන ෂෙහානි ගැන වැඩිපුර කතා කරන්නේ විලාසිතා ගැන. බොහෝ දෙනෙක් ආදරේ කරන ඇය ගැනයි මේ.

 

NEWS

අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී…

ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව පෞද්ගලිකවත්, ඉන්දීය රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කණගාටුව පළ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ත‍්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ශ‍්‍රී ලංකාවට ලබාදීමට තමා සූදානම් බවයි.

මෙම අසීරු අවස්ථාවේ ඉන්දීය රජයත්, ජනතාවත් ශ‍්‍රී ලාංකීය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දෙරටේ සමීප සබඳතාවය සහ සුහදතාවය වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බව කියා…