මම අදත් හෙටත් සැමදාමත් අභිමානවත් ශ්‍රී ලාංකීකයෙකු වේ..

මාත් එක්ක එකට බත් කාපු
මාත් එක්ක එකට හිනා වුනු
මාත් එක්ක එකට අඩපු
මාත් එක්ක සෙල්ලම් කරපු
මාත් එක්කම එකට ඉගෙන ගත්තු
මාත් එක්කම මගේම සහෝදරයන් වගේ හිටපු
අයට මාව ත්‍රස්තාවාදියෙක් වගේ පේනවා ඇති කියලා හිතද්දී ගොඩාක් රිදෙනවා..
ඒ වුනාට මං තරහා නෑ ..
ඔයාල එහෙම හිතන එක සාධාරණයි..
මොකද අර තිරිසන් වැඩේ කරපු උං ගේ නමත් අපේ නම වගේ නේ..
මට දැනෙන දුක ඔයාලටත් දැනෙන්වා නේ..
මගේ ඇස් වලින් කදුලු ගැලුවා වගේ ඔයාලගෙ ඇසුත් තෙත් වෙලා නේ..
මගේ හිතේ තියෙන තරහ ඔයාලගේ හිතෙත් තියෙනවා නේ..
ඉතිං ,
මට කරන්න පුලුවන් එකම ප්‍රාර්ථනා ව මගේ ශ්‍රී ලාංකික පවුල මට ආපහු දෙන්න කියන එක විතරමයි..

මගේ හිතෙත් ලොකු චකිතයක් තියෙනවා..
මගේ ක්‍රිස්තියානි බෞද්ධ හින්දු සහෝදරයන්ට මං කොහොමද මූන දෙන්නේ කියලා..
මගේ වැරද්දක් නිසා නෙවේ..
මගේ ආගමට මුවා වෙලා මන්දමානසික තිරිසන්නු මගේම සහෝදරයන් ව බිලි ගත්තු නිසා..
මං වගේ මේ දුක හිතේ දරාගෙන ඉන්න අය ගොඩාක් ඉන්නවා..

සිරියාවේ මිනිස්සු මරලා දාපු ව දැකලා
මියන්මාරයේ මිනිස්සු මරලා දාපු ව දැකලා
දුක හිතුනට මට ඇඩුනේ නෑ..
ඒත්
ගිය ඉරිදා ඉදන් මේ මොහොත වෙනකං මගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්නේ ,
සත්තයි මාත් ඔයා වගේම ශ්‍රී ලාංකිකයෙක් නිසා..

අනේ ඒක හින්දා පුංචි ඉල්ලීමක් කරන්නම්..
මාව දැකපු ගමන්,
"ඔයාගේ අය තමයි මේක කලේ" කියලා නම් කියන්න එපා..

මගේ අය අර නිකරුනේ බිලි වුනු අහිංසක මිනිස්සු..
මගේම ශ්‍රී ලාංකික සහෝදරයින්..
මිසක්
මගේ අය අර තිරිසන් වැඩ කරපු අසමත් ජාති ත්‍රස්තවාදීන් නෙවෙයි..
එයාලා මගේ නෙවෙයි ..
එයාලා ට ගල් ගහලා මරන්නත් මං ලෑස්තියි ..

මට මගේ රට වටිනවා..
මේ පොඩි ත්‍රස්තවාද කන්ඩායමට මගේ රට බිලි දෙන්න මං ලෑස්ති නෑ..

මම අදත් හෙටත් සැමදාමත්  අභිමානවත් ශ්‍රී ලාංකීකයෙකු වේ..

මේ වචන වලට පමනක් පරිසමාප්ත වූ දිවුර්‍ර්මක් නෙවෙයි ..

#ForeverSrilankan
#EasterAttackSL
#ImSrilankan
#HumanityFirst
#SayNoToTerrorism

Article sent by my MUSLIM friend

 

Related Articles

What is The Last Train

Train to Pakistan is a historical novel by Khushwant Singh, published in 1956 Based.

Partition of India in August 1947. Instead of depicting the Partition in terms of only the political events surrounding it, Singh digs into a deep local focus, providing a human dimension which brings to the event a sense of reality,

“Muslims said the Hindus had planned and started the killing. According to the Hindus, the Muslims were to blame. The fact is, both sides killed. Both shot and stabbed and speared and clubbed. Both tortured. Both raped”

Add new comment